28.2 C
Galle

මියගිය යාචකයාගේ මල්ලේ ලක්ෂයකට වැඩි මුදලක්

Published:

කිලිනොච්චිය නගරයේ සිඟමන් යදිමින් ජීවත් වී මියගිය පුද්ගලයකුගේ ගමන් මල්ලලේ තිබී රුපියල් 130,000.00 ක මුදලක් හමුවූ බව කිලිනොච්චිය රෝහල් සේවකයෝ කියති.

මියගොස් ඇත්තේ වසර ගණනක සිට සිඟමනෙන් ජීවත් වූ වයස අවුරුදු 60ක පමණ පුද්ගලයෙකි. හදිසියේ ම රෝගාතුරවීම නිසා ත්‍රී රෝද රථ රියදුරන් විසින් ඔහු කිලිනොච්චිය රෝහලට ගෙනවිත් ඇත. එහි දී මියගිය මෙම යාචකයාගේ සිරුර රජයේ වියදමින් භූමදාන කරනතුරු රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.

ඔහු සතුව තිබූ භාණ්ඩ පරීක්ෂා කිරීමේ දී මෙම මුදල් හමුවූ බව සේවකයෝ පවසති.

Related articles

Recent articles

error: Content is protected !!