28.2 C
Galle

ගාල්ලෙන් ආසාදිතයන් 40ක්

Published:

ගාල්ල දිස්ත්‍රික්කයෙන් ඊයේ දිනයේ දී කොරෝනා ආසාදිතයන් 40 දෙනකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. මේ අතරින් වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වූ 13 දෙනකු වාර්තා වී ඇත්තේ ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙනි.

මීට අමතරව බද්දේගම හා කරන්දෙණිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස වලින් ආසාදිතයන් 08 දෙනකු බැගින් වාර්තා වී ඇති අතර ඇල්පිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් වාර්තා වූ ආසාදිතයන් ගණන 05 දෙනෙකි. නාගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් ආසාදිතයන් 03 දෙනෙක් වාර්තා වන අතර හික්කඩුව, වැලිවිටිය දිවිතුර හා නෙළුව සෞඛය වෛද්‍ය නිධාරී කොට්ඨාස වලින් ද එක් ආසාදිතයකු බැගින් වාර්තා වේ.

ඊයේ (11) සවස 4.00 දක්වා ලැබී ඇති පීසීආර් පරීක්ෂණ වාර්තාවලින් මෙම ආසාදිතයන් 40 දෙනා හමුවූ බව දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානයේ ප්‍රධාන සම්බන්ධීකරණ නිලධාරී චාමර මහගමගේ මහතා පවසයි.

මෙම ආසාදිතයන් සංඛ්‍යාව සමඟ ගාල්ල දිස්ත්‍රික්කයේ සමස්ත ආසාදිතයන් ගණන 748ක් දක්වා ඉහළ ගොස් ඇත.

Related articles

Recent articles

error: Content is protected !!