29.7 C
Galle

බන්ධනාගාරයට යද්දී රන්ජන් කියූ කතාව

Published:

වසර හතරකට බරපතල සිර දඬුවම් නියම වූ රංජන් රාමනායක බන්ධනාගාරයට ගෙන යද්දී ඔහු තමන් වටා සිටින මාධ්‍යවේදීන්ට ඇසෙන ලෙස කියමින් ආ දේ පහත දැක්වේ.

“ජය වේවා හැමෝටම. මම කාටවත් වැරද්දක් කරලා නැහැ. මේ ආණ්ඩුවෙන් පිල්ලෙයාන් එළියට දැම්මා. මාව ඇතුළට දැම්මා. සටන නවත්තන්නේ නැතිව දිගටම ගෙනියමු. දූෂිත ආණ්ඩුව පළවා හරිමු. මම කියපු සේරම ඇත්ත. මම කිසිම දෙයක් ඉල්ලා අස්කරගන්නෙත් නෑ. සමාව ඉල්ලන්නෙත් නෑ. මුන් ඇත්තටම හොරු. හොරු ගැන කිව්වයි කියලා මං වගේ මිනිහෙක් ඇතුළට දානවා. සත පහක් හොරකම් කරලා නැහැ. පඩි සල්ලිත් ජනතාවට බෙදුවා. හාලුත් බෙදුවා. ජය වේවා ! මේ කුඩු විකුණලා හොරකම් කරලා නෙවෙයි. පිල්ලෙයාන් එළියට දැම්මා වගේ දුමින්ද සිල්වාත් එළියට දාන්න. තිත්ත ඇත්ත කතා කරන්නේ. මම බය නෑ. මම තනිකඩයනේ. අවුරුදු හතරයිනේ. බය වෙන්න එපා අපි එනවා ආයෙත්. කුඩු කාරයෝ ගැන කිව්වා කියලා තමයි අපිව ඇතුළට දාන්නේ. එහෙනම් ජය වේවා සියලු දෙනාට. කුඩු කාරයෝ ගැන කිව්වයි කියලා මේ ඇතුළට දැම්මේ. භයක් ගෑවිලාවත් තියෙනවා ද?”

Related articles

Recent articles

error: Content is protected !!