29.7 C
Galle

කොග්ගලින් ආසාදිතයන් 63ක්. හබරාදුව නගරය විෂබීජහරණය කරයි

Published:

කොග්ගල ආයෝජන කලාපයේ කොරෝනා පොකුර අද (16) මේ වනවිට 63ක් දක්වා ඉහළ ගොස් තිබේ. ආයෝජන කලාපයේ පිහිටි කර්මාන්තශාලා තුනකින් ‍ආසාදිතයන් වාර්තාවන බව සෞඛ්‍ය අංශ පවසයි.

ඔවුන් කොග්ගල, හබරාදුව ඇතුළු ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ ගණනාවක ම පදිංචිකරුවන් වන බැවින් ප්‍රදේශයේ කොරෝනා අවදානම ද ඉහළ ගොස් ඇත.

මේ අතර හබරාදුව ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායකවරයාට සහ ඔහුගේ දියණියට ද කොරෝනා ආසාදනය වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. කොරෝනා අවදානම හේතුවෙන් හබරාදුව නගර‍ය සහ කොග්ගල අයෝජන කලාපය පිහිටි ප්‍රදේශයේ අද (16) විිෂබීජහරණ වැඩටහනක් ද හබරාදුව ප්‍රාදේශීය සභාවේ සභාපති දුල්ශාන් විදානගමගේ මෙහෙයවීමෙන් සිදුකෙරිණි.

ඒ පිළිබඳ අදහස් දැක්වූ සභාපතිවරයා මෙසේ කීවේය.

“ප්‍රදේශයේ කොරෝනා අවදානම ඉහළ ගිහින් තිබෙනවා. නමුත් ඒ අවදානම සමඟ සාමාන්‍ය ජනජීවිතයත් පවත්වාගෙන යායුතුයි. මේ නිසා අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා හැකිතාක් අනවශ්‍ය ගමන් බිමන් සීමා කරලා සෞඛ්‍ය ආරක්ෂිිත ක්‍රම අනුගමන කරන්න කියලා. ප්‍රදේශයේ ජනතාවත් පිටතින් අපේ ප්‍රදේශයට පැමිණෙන ජනතාවත් ආරක්ෂා කළ යුතු නිසා අපි ප්‍රාදේශීය සභාවෙන් විෂබීජහරණ වැඩසටනක් අද දිනයේ ක්‍රියාත්මක කළා. හෙටත් කරන්න සැළසුම් කර තිබෙනවා. කොරෝනා වසංගතය පැතිරීම වැළැක්වීම සඳහා සියලු දෙනාගේ සහයෝගය අවශ්‍යයි.”

Related articles

Recent articles

error: Content is protected !!