25.6 C
Galle

මහින්තලේ විපක්ෂනායකට වැදුණු කණේ පහර. මන්ත්‍රී අත්අඩංගුවට (වීඩියෝ)

Published:

මිහින්තලය ප්‍රාදේශීය සභාවේ විපක්ෂනායකවරයාට පහරදුන් බව කියන එම පක්ෂයේ ම මන්ත්‍රීවරයකු අද (19) අත්අඩංගුවට ගත්බව මිහින්තලය පොලිසිය කියයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉඉන්දික රුක්සාන් රාජපක්ෂ නමැති එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙකි.

අද (19) පැවැති ප්‍රාදේශීය සභා රැස්වීමට සහභාගීවිමට පැමිණෙමින් සිටි විපක්ෂනායක වින්ෂාර් මොහොමඩ් (එක්සත් ජාතික පක්ෂ) හට අදාල මන්ත්‍රීවරයා විසින් සභාවේ ඇති අක්‍රමිකතා සම්බන්ධයේන ඔහු මුණිවත රකින්නේ යැයි චෝදනා කරමින් පහර දී ඇතැයි පැවසේ .

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විපක්ෂනායකවරයා පොලිසියට පැමිණිලි කර ඇත.

අනතුරුව ප්‍රාදේශිය සභාවේ මාසික රැස්විම සභාපති ලාල් සෙනෙවිරත්නගේ ප්‍රධානත්වයෙන් ප්‍රාදේශීය සභා රැස්විම් ශාලාවේ දි ආරම්භ විය.
සැකකාර මන්ත්‍රිවරයා අද (19) දින අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත විය.

සිද්ධිය සම්බන්ධයෙන් මිහින්තලය පොලිස් ස්ථානාධිපති ප්‍රසාද් සිරිවර්ධන ඇතුළු පොලිස් නිලධාරිහු පිරිසක් වැඩිදුර පරික්ෂණ පවත්වති.

Related articles

Recent articles

error: Content is protected !!