25.6 C
Galle

නාවික යාත්‍රාවේ ගැටී ගිලී ගිය ධීවර බෝට්ටුව සොයා මෙහෙයුම්

Published:

ශ්‍රී ලංකා නාවික හමුදාවේ වේග ප්‍රහාරක යාත්‍රාවක ගැටුණු ඉන්දීය ධීවර යාත්‍රාවක් සොයා මෙහෙයුම් දියත් කර ඇතැයි නාවික හමුදාව පවසයි.

මෙරට මුහුදු තීරයට අනවසරයෙන් ඇතුළු වී ධීවර කර්මාන්තයේ යෙදී සිටි ධීවර යාත්‍රාවක් ඩෙල්ෆ් දූපතට වයඹ දෙසි්න මුහුදු කලාපයේ දී අනතුරට ලක්ව ඇත. ඔවුන් අත්අඩංගුවට පත්වීමෙන් වැළකීම සඳහා නාවික හමුදා යාත්‍රා මඟහැර අනතුරුදායක අන්දමින් ය්‍රාතා කරමින් සිටිය දී  ඔවුන් විසින්ම එම යාත්‍රාව නාවික හමුදාවේ වේග ප්‍රහාරක යාත්‍රාවේ ගැටී සළස්වා ඇතැයි  ද නාවික හමුදාව පවසයි. නාවික හමුදාව පවසන්නේ එම යාත්‍රාව මුහුදේ ගිලී ගිය බවයි.

අනතුරට පත්වූ යාත්‍රාව සෙවීම සඳහා මේ වනවිට අතිරේක යාත්‍රා සහි කිමිදුම්කරුවන් යොදවා ඇති අතර අනතුරට පත් වේග ප්‍රහාරක යාත්‍රාව කන්කසන්තුරේ වෙත ආරක්ෂිතව ගෙනවිත් තිබේ.

Related articles

Recent articles

error: Content is protected !!