25.6 C
Galle

අනතුරට පත් වූ නැවේ ඡායාරූප නිකුත් කරයි

Published:

ත්‍රිකුණාමලය වරායට යාත්‍රා කරමින් තිබූ සිමෙන්ති ප්‍රවාහනය කරන MV Eurosun නමැති නෞකාවක් අද කුඩා රාවණා කොටුව ආසන්න මුහුදේ දී අනතුරට පත්විය.

නාවික හමුදාව පවසන්නේ ලයිබීරියා ධජය යටතේ මේ නෞකාව යාත්‍රා කරමින් තිබූ බවයි. ගැඹුරු මුහුදේ යාත්‍රා කළ යුතු මෙය නොගැඹුරු මුහුදු ප්‍රදේශය ඔස්සේ ගමන් කිරීමේ දී කොරල් පරයක ගැටී ඇතැයි පැවසේ. නැව අනතුරට ලක්වීමත් සමඟ නාවික හමුදා යාත්‍රා දෙකක් ඒ දෙසට සහය සඳහා ගිය අතර ගුවන් හමුදා නිරීක්ෂක යානා මගින් ද එම අනතුර පිළිිබඳ  සොයාබලන ලදී.

ගුවන් හමුදා මාධ්‍ය ඒකකය මගින් නැවේ ඡායාරූප මාධ්‍ය වෙත නිකුත් කර ඇත.

Related articles

Recent articles

error: Content is protected !!