25.6 C
Galle

එන්නත් රැගත් ඉන්දීය යානය පිටත්වෙයි

Published:

ඉන්දීය රජයේ පරිත්‍යාගයක් ලෙස මෙරටට ලබාදෙන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත රැගත් ඉන්දීය ගුවන් සේවයේ ඒඅයි. 281 යානය අද උදෑෂන 9.31ට මුම්බායි ගුවන් තොටුපොළේ සිට ශ්‍රී ලංකාව බලා පියාසර කිරීම ආරම්භ කළ බව එරට මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට අද අලුයම 6.00ට ගමන් ආරම්භ කළ මෙම යානය මුම්බායි ගුවන් තොටුපොළේ දී එන්නත් තොගය පටවාගෙන යළි ගමන් ආරම්භ කර ඇත. කටුනායක ගුවන් තොටුපොළ ආරංචිමාර්ග සඳහන් කරන්නේ යානය අද දහවල් 11.26ට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ළඟාවීමට නියමිත බවයි.

Related articles

Recent articles

error: Content is protected !!