30.5 C
Galle

ගාල්ලේ විදුහල්පති දෙපළකට කොරෝනා. එක් පාසලක් වසා දැමීමට සිදුවෙයි

Published:

ගාල්ලේ විදුහල්පතිවරයකුට හා විදුහල්පතිනියකට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මේ හේතුවෙන් එක් විදුහලක් හෙට (22) සිට වසා දැමීමට සිදුවනු ඇතැයි ද දැනගන්නට ඇත.

මෙලෙස කොරෝනා ආසාදනය වී ඇත්තේ ඇල්පිටිය ආනන්ද විද්‍යාලයේ විදුහල්පතිවරයාට සහ ඇල්පිටියේ වල්අඹගල කණිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පතිනිය ලෙස සේවය කරන ඔහුගේ බිරිඳටය. කොරෝනා රෝග ලක්ෂණ ඇතිවීම හේතුවෙන් කරන ලද ඇන්ටිජන් පරීක්ෂණයකින් ඔවුන් දෙපළ කොරෝනා ආසාදිත බව තහවුරු වී තිබේ.

ඔවුන්ගේ දරුවා ද ‍ඇන්ටිජන් පරීක්ෂණයකට ලක්කර ඇතත් කොරෝනා ආසාදිත බවක් වාර්තා වී නැත. නමුත් දරුවාගේ පීසීආර් පරීක්ෂණයක් සිදුකරන බව සෞඛ්‍ය අංශ පවසයි. විදුහල්පති දෙපළ සහ දරුවා අද  (21) කරන්දෙණිය රෝහලේ කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයට යවා ඇත.

වල්අඹගල කණිෂ්ඨ විද්‍යාල‍යේ සේවය කරන්නේ ගුරුවරු 07 දෙනකු පමණි. මෙම ගුරුවරු සියලු දෙනාම නිරෝධායනයට යොමුකිරීමට සිදුවන ඇති බැවින් හෙට සිට එම විද්‍යාලය වසා දැමීමට සිදුව ඇත.

Related articles

spot_img
error: Content is protected !!