28.8 C
Galle

පික්මී සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි

Published:

අද (24) දින කොළඹ කොටස් වෙළඳපල ගනුදෙනු අවසානයේ කොටස් මිලියන 1.3ක් ගනුදෙනු වූ පික්මී සමාගම කොටස් ගනුදෙනු වූ පිරිවැටුම රුපියල් මිලියන 211ක් ලෙස වාර්තා කරමින් පළමු ස්ථානයට පත්ව ඇත.

අද කොළඹ කොටස් වෙළඳපල ගනුදෙනු 10,822ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1309ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 18ක් පහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 21,066ක් ලෙසිනි.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • පික්මී සමාගම මිලියන 211
  • ඩිප් ප්‍රොඩක්ට් සමාගම මිලියන 172
  • ඇක්සස් ඉංජිනියරින් සමාගම මිලියන 143

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • කැල්ෆන්ඩ් සමාගම කොටස් මිලියන 8.4
  • කොටගල වැවිලි සමාගම කොටස් මිලියන 6.2
  • යූ බී ෆිනෑන්ස් සමාගම කොටස් මිලියන 2.8

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • ටාජ් හෝටල් සමාගම 12%
  • එල් ඕ එල් සී ජෙනරල් රක්ෂණ සමාගම 07%
  • ලංකා වෙන්චර්ස් සමාගම 06%

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • ඩයලොග් ආසියාටා සමස්ත වත්කම් රුපියල් බිලියන 429
  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 337
  • කොමර්ෂල් බැංකුව සමස්ත වත්කම් රුපියල් බිලියන 336

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන‍ 43 කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 206ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 163ක මුදලක් කොටස් වෙළෙඳ පොළ තුළින් ඉවත් කරගෙන ඇත.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිලදී ගත් සමාගම්

  • නේෂන්ස් ට්‍රස්ට් බැංකුව රුපියල් මිලියන 15

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්

  • පික්මී සමාගම රුපියල් මිලියන 131
  • කොටගල වැවිලි සමාගම රුපියල් මිලියන 47
  • සිලෝන් ගාඩියන් සමාගම රුපියල් මිලියන 01

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

spot_img
error: Content is protected !!