31.3 C
Galle

නවලෝක සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි

Published:

අද (20) දින කොළඹ කොටස් වෙළඳපල ගනුදෙනු අවසානයේ නවලෝක සමාගමේ කොටස් මිලියන 80ක් ගනුදෙනු වෙමින් වැඩිම පිරිවැටුම ලෙ‍ස රුපියල් මිලියන 1003ක් වාර්තා කරන ලදී.

අද කොටස් වෙළඳපල ගනුදෙනු 14,416ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 2,330ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 173ක් පහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 21,369ක් ලෙසිනි. සංවෘත කවයේ ගනුදෙනු රුපියල් මිලියන 1279කි.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • නවලෝක සමාගම මිලියන 1003
  • හැටන් නැෂනල් බැංකුව එක්ස් මිලියන 183
  • එළිෆන්ට් හවුස් සමාගම මිලියන 100

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • නවලෝක සමාගම කොටස් මිලියන 80
  • ටාජ් ලංකා ආර් සමාගම කොටස් මිලියන 03
  • ඉන්ඩස්ට්‍රියල් ඇස්හෝල්ට් සමාගම කොටස් මිලියන 02

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • පැරගන් සමාගම 14%
  • සී ඒ එල් යූ ෆන්ඩ් සමාගම 06%
  • ලංකෙම් ඩිවලොප්මන්ට් සමාගම 05%

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • ඩයලොග් ආසියාටා සමස්ත වත්කම් රුපියල් බිලියන 441
  • කොමර්ෂල් බැංකුව සමස්ත වත්කම් රුපියල් බිලියන 351
  • ලංකා දුම්කොල සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 345

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන‍ 07ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 52ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 45ක මුදලක් කොටස් වෙළෙඳ පොළ තුළින් ඉවත් කරගෙන ඇත.

විදේශීය ආයෝජකයන් කොටස් මිලදී ගත් සමාගම්

  • ජේ එෆ් පැකේජින් රුපියල් මිලියන 01
  • සොෆ්ට් ලොජික් ලයිෆ් සමාගම රුපියල් මිලියන 01

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්

  • ඩයලොග් ආසියාටා රුපියල් මිලියන 28
  • පැරගන් සමාගම රුපියල් මිලියන 19
  • අමානා බැංකුව රුපියල් මිලියන 01

විශ්ලේෂණය – නීතිඥ රජීන්ද්‍ර නාරංගොඩ

Related articles

spot_img
error: Content is protected !!