අද (19) දින කොළඹ කොටස් වෙළඳපල ගනුදෙනු අවසානයේ කොටස් මිලියන 1.9ක් ගනුදෙනු වූ හැටන් නැෂනල් බැංකුව රුපියල් මිලියන 754ක පිරිවැටුමක් වාර්තා කරමින් දිනයේ වැඩිම පිරිවැටුම වාර්තා කරන ලදී.
අද කොටස් වෙළඳපල ගනුදෙනු 14,074ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,732ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 140ක් ඉහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 21,543ක් ලෙසිනි. සංවෘත කවයේ ගනුදෙනු රුපියල් මිලියන 649කි.
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- හැටන් නැෂනල් බැංකුව මිලියන 754
- ඩයලොග් ආසියාටා සමාගම මිලියන 117
- ඩිප් ප්රඩක්ට් සමාගම මිලියන 67
වැඩිම කොටස් ප්රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- එච් එන් බී ලීසින් සමාගම කොටස් මිලියන 12
- එච් එන් බී ෆයිනෑන්ස් සමාගම කොටස් මිලියන 07
- මුලර්ස් සමාගම කොටස් මිලියන 03
වැඩිම ප්රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- ස්ටෑන්ඩඩ් කැපිටල් සමාගම 13%
- එස් එම් බී ලීසින් සමාගම 11%
- ඩිල්මා සිලෝන් සමාගම 10%
අද දිනය අවසානයේ වටිනාම සමාගම
- ඩයලොග් ආසියාටා සමස්ත වත්කම් රුපියල් බිලියන 450
- කොමර්ෂල් බැංකුව සමස්ත වත්කම් රුපියල් බිලියන 353
- ලංකා දුම්කොල සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 345
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 38ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 134ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 96ක මුදලක් කොටස් වෙළෙඳ පොළ තුළින් ඉවත් කරගෙන ඇත.
විදේශීය ආයෝජකයන් කොටස් මිලදී ගත් සමාගම්
- හැටන් නැෂනල් බැංකුව රුපියල් මිලියන 21
- එළිෆන්ට් හවුස් සමාගම රුපියල් මිලියන 06
- ඩිප් ප්රඩක්ට් රුපියල් මිලියන 03
විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්
- ඩයලොග් ආසියාටා රුපියල් මිලියන 101
- හේමාස් හෝල්ඩිංස් සමාගම රුපියල් මිලියන 23
- සිලෝන් ටුබැකෝ සමාගම රුපියල් මිලියන 1ෙ04
විශ්ලේෂණය – නීතිඥ රජීන්ද්ර නාරංගොඩ



