29.5 C
Galle

වෙල්ත් ට්‍රස්ට් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි

Published:

අද (18) දින කොළඹ කොටස් වෙළඳපල ගනුදෙනු අවසානයේ කොටස් මිලියන 33ක් ගනුදෙනු වූ රුපියල්වෙ මිලියන 349ක් වාර්තා කරමින් දිනයේ වැඩිම පිරිවැටුම වාර්තා කරන ලදී.

අද කොටස් වෙළඳපල ගනුදෙනු 19,347ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,932ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 298ක් පහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 21,402ක් ලෙසිනි. සංවෘත කවයේ ගනුදෙනු රුපියල් මිලියන 422කි.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • වෙල්ත් ට්‍රස්ට් සමාගම මිලියන 349
  • එයිට්කන් ස්පෙන්ස් සමාගම මිලියන 217
  • හැටන් නැෂනල් බැංකුව එක්ස් සමාගම මිලියන 130

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • වෙල්ත් ට්‍රස්ට් සමාගම කොටස් මිලියන 33
  • කොටගල වැවිලි සමාගම කොටස් මිලියන 06
  • මුලර්ස් සමාගම කොටස් මිලියන 05

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • මුලර්ස් සමාගම 07%
  • රේනුක සිටි හොටෙල් සමාගම 05%
  • කෙමනෙක්ස් සමාගම 05%

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • ඩයලොග් ආසියාටා සමස්ත වත්කම් රුපියල් බිලියන 450
  • කොමර්ෂල් බැංකුව සමස්ත වත්කම් රුපියල් බිලියන 350
  • ලංකා දුම්කොල සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 343

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන‍ 11ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 70ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 59ක මුදලක් කොටස් වෙළෙඳ පොළ තුළින් ඉවත් කරගෙන ඇත.

විදේශීය ආයෝජකයන් කොටස් මිලදී ගත් සමාගම්

  • ඩිස්ටලරීස් සමාගම රුපියල් මිලියන 04
  • හේමාස් සමාගම රුපියල් මිලියන 01
  • හැටන් නැෂනල් බැංකුව රුපියල් මිලියන 01

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්

  • කොමර්ෂල් ක්‍රෙඩිට් රුපියල් මිලියන 18
  • මෙල්ස්ටා ක්‍රොප් සමාගම රුපියල් මිලියන 11
  • ඒ සී එල් කේබල් සමාගම රුපියල් මිලියන 10

විශ්ලේෂණය – නීතිඥ රජීන්ද්‍ර නාරංගොඩ

Related articles

spot_img
error: Content is protected !!