කොටදෙණියාව පොලිසිය විසින් අත්අඩංගුවට ගත් පිය–පුතු දෙදෙනෙකු ඇතුළු සැකකරුවන් තිදෙනෙකු දෙසැම්බර් 20 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
හිස් කහ පැහැති ගෑස් සිලින්ඩර් නිල් පැහැයෙන් වර්ණ ගන්වා ඒවා ලිට්‍රෝ සමාගමේ සිලින්ඩර් ලෙස පෙන්වා වෙළෙඳපොළට යළි නිකුත් කිරීමට උත්සාහ කළ බවට සැකකරුවන්ට චෝදනා එල්ල වී ඇත. මෙම තොරතුරු කොටදෙණියාව පොලිසිය සිදුකරන මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
අලුතින් වර්ණ ගැන්වූ සිලින්ඩර් පැරණි සහ භාවිත කළ ඒවා ලෙස පෙන්වීම සඳහා ඒවා මත ආහාර අපද්‍රව්‍ය සහ ආහාර කොටස් තවරා තිබූ බව ද විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි පොලිසිය සඳහන් කරයි.
මේ අතර, ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා පසුගියදා ප්‍රකාශ කර තිබුණේ පවතින නීතිය අනුව කහ පැහැති ගෑස් සිලින්ඩර් නිල් පැහැයට වෙනස් කළ නොහැකි බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් කොටදෙණියාව පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.



