අද (25) දින කොළඹ කොටස් වෙළඳපල ගනුදෙනු අවසානයේ රුපියල් මිලියන 202ක පිරිවැටුමක් වාර්තා කළ එන් ඩී බී බැංකුව වැඩිම පිරිවැටුමක් වාර්තා කළ සමාගම බවට පත් විය.
අද කොළඹ කොටස් වෙළඳපල ගනුදෙනු 10,674ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 814ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 29ක් පහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 21,037ක් ලෙසිනි.
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- එන් ඩී බී බැංකුව මිලියන 202
- පීපල්ස් ලීසින් සමාගම මිලියන 112
- ඩිප් ප්‍රොඩක්ට් සමාගම මිලියන 43
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- පීපල්ස් ලීසින් සමාගම කොටස් මිලියන 6.1
- ජෝන් කීල්ස් සමාගම කොටස් මිලියන 1.9
- එන් ඩී බී බැංකුව කොටස් මිලියන 1.8
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- ඉන්ඩස්ට්‍රියල් ඇස්හෝල්ට් සමාගම 16%
- එස් එම් බී ලීසින් සමාගම 10%
- බන්සෙයි රිසෝට් සමාගම 08%
අද දිනය අවසානයේ වටිනාම සමාගම
- ඩයලොග් ආසියාටා සමස්ත වත්කම් රුපියල් බිලියන 426
- ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 337
- කොමර්ෂල් බැංකුව සමස්ත වත්කම් රුපියල් බිලියන 335
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 13 කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 207ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 194ක මුදලක් කොටස් වෙළෙඳ පොළ තුළින් ඉවත් කරගෙන ඇත.
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිලදී ගත් සමාගම්
- ඩී එෆ් සී සී බැංකුව රුපියල් මිලියන 06
- සන්ෂයින් හෝල්ඩිංස් සමාගම රුපියල් මිලියන 1.1
- එල් ඕ එල් සී ෆයිනෑන්ස් රුපියල් මිලියන 01
විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්
- එන් ඩී බී බැංකුව රුපියල් මිලියන 195
- ඩයලොග් ආසියාටා සමාගම රුපියල් මිලියන 03
- වටවල වැවිලි සමාගම රුපියල් මිලියන 02
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ



