29.7 C
Galle

හින්දු කෝවිලක කොරෝනා පොකුරක්

Published:

මස්කෙළියේ හින්දු කෝවිලක පුද්ගලයන් 11 දෙනකු කොරෝනා ආසාදිත බව අද (22) තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

මෙම කොරෝනා ආසාදිතයන් හමුවී ඇත්තේ ශ්‍රී ෂන්මුගනාදන් හින්දු කොවිලෙනි.

එම කොවිලේ පාලක මණ්ඩලයේ නිලධාරියකු හදිසියේම මියගිය අතර ඔහුගේ මරණයෙන් පසු කරන ලද පීසීආර් පරීක්ෂණයකින් තහවරු වූයේ මියයන විට එම තැනැත්තා කොරෝනා ආසාදනය වී සිටි බවයි. ඉන් පසු කරන ලද පීසීආර් පරීක්ෂණවලින් ඔහුගේ ආශ්‍රිතයන් 11 දෙනකු කොරෝනා ආසාදිත බව හඳුනාගෙන ඇත. ආසාදිතයන් අතර කෝවිලේ පූජකවරයාද සිටියි.

Related articles

spot_img
error: Content is protected !!