26.9 C
Galle

ඇමෙරිකාවේ දී උෂාන් ශ්‍රී ලංකා වාර්තාවක් තබයි

Published:

උස පැනීමේ නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට මළල ක්‍රීඩක උෂාන් තිවංක පෙරේරා සමත්වූයේය

ඇමෙරිකාවේ ටෙක්සාස් රිලේස් මළල ක්‍රීඩා තරඟාවලියේ දී ඔහු විසින් මෙම වාර්තාව පිහිටවූ අතර බිඳ දමන ලද්දේ වසර 16ක් පැරණි ශ්‍රී ලංකා වාර්තාවකි.

ඔහු එහි දී දැක්වූ දක්ෂතාවව මීටර 2.28කි. මීට පෙර මංජුල කුමාර විජේසේකර විසින් තබා තිබූ මීටර 2.27ක් උස පැන තැබූ වාර්තාව බිඳ හෙළීය. උෂාන් ඇමෙරිකාවේ ටෙක්සාස් හි අධ්‍යාපන කටයුතුවල යෙදෙමින් මළල ක්‍රීඩා පුහුණුවීම්වල යෙදෙයි.

Related articles

spot_img
error: Content is protected !!