26.8 C
Galle

කොරෝනා එන්නත් ලබාදීම නවතී

Published:

කොරෝනා මර්ධනය කිරීම සඳහා ශ්‍රී ලාංකිකයන්ට ලබාදුන් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනිකා කොවිෂීල්ඩ් එන්නත්කරණය මේ වනවිට තාවකාලිකව නවතා දැමීමට සිදුව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචිමාර්ග පවසයි.

පසුගිය ජනවාරි 29 වැනි දා සිට එන්නත් ලබාදීම ආරම්භ කෙරුණු අතර අමාත්‍යාංශය පවසන්නේ එන්නත් 924,000ක් ලබා දී ඇතැයි. ඒ පළමු මාත්‍රාව ලෙසිනි. දෙවැනි මාත්‍රාව ලබාදීම අප්‍රේල් මස 19 වැනි දින ආරම්භ කිරීමට නියමිතව ඇත.

එන්නත නිපදවූ ඉන්දියාවේ සේරම් ආයතනය එම එන්නත් අපනයනය කිරීම තාවකාලිකව නවතා ඇති බැවින් ශ්‍රී ලංකාවට එන්නත් ලබාගැනීමේ ගැටලුවක් ඇතැයි ද ඇතැම් පුද්ගලයෝ මත පළකරති. සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ ඇණවුම් කර ඇති එන්නත් ප්‍රමාදයකින් තොරව ලැබෙන බවයි.

Related articles

spot_img
error: Content is protected !!