අද (23) දින කොළඹ කොටස් වෙළඳපල ගනුදෙනු අවසානයේ කොටස් මිලියන 1.7ක් ගනුදෙනු වූ බයිරහා ෆාම් සමාගම අද දිනයේ වැඩිම පිරිවැටුම ලෙස රුපියල් මිලියන 147ක් වාර්තා කරන ලදී.
අද කොටස් වෙළඳපල ගනුදෙනු 14,902ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,054ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 128ක් පහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 21,242ක් ලෙසිනි. සංවෘත කවයේ ගනුදෙනු රුපියල් මිලියන 47කි.
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- බයිරහා ෆාම් සමාගම මිලියන 147
- පික්මී සමාගම මිලියන 110
- සම්පත් බැංකුව මිලියන 51
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- ඉන්ඩස්ට්‍රියල් ඇස්හෝල්ට් සමාගම කොටස් මිලියන 7.2
- වෙල්ත් ට්‍රස්ට් සමාගම කොටස් මිලියන 4.2
- බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 2.4
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- ටෙස් ඇග්‍රො සමාගම 11%
- ලාෆ් ගෑස් එක්ස් සමාගම 07%
- කලම්බෝ සිටි ෆාමසි සමාගම 06%
අද දිනය අවසානයේ වටිනාම සමාගම
- ඩයලොග් ආසියාටා සමස්ත වත්කම් රුපියල් බිලියන 437
- කොමර්ෂල් බැංකුව සමස්ත වත්කම් රුපියල් බිලියන 350
- ලංකා දුම්කොල සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 341
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 63ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 33ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 30ක මුදලක් කොටස් වෙළෙඳ පොළ තුළ ආයෝජනය කර ඇත.
විදේශීය ආයෝජකයන් කොටස් මිලදී ගත් සමාගම්
- ඇක්සස් සමාගම රුපියල් මිලියන 20
- පික්මී සමාගම රුපියල් මිලියන 08
- හේලීස් සමාගම රුපියල් මිලියන 08
විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්
- ඩයලොග් ආසියාටා රුපියල් මිලියන 29
- අමානා බැංකුව රුපියල් මිලියන 01
විශ්ලේෂණය – නීතිඥ රජීන්ද්‍ර නාරංගොඩ



