26.8 C
Galle

බුදු පිළිම කැඩුවා යැයි සැකපිට බන්ධනාගාරයේ සිටි ඉන්දීය ජාතිකයා හදිසියේම මියයයි

Published:

බුදුපිළිමවලට හානි සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ඉන්දියානු ජාතිකයකු හදිසියේ ම මියගොස් ඇතැයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ 45 හැවිරිදි දිලීප් කුමාර් නමැති අයෙකි. කුලියාපිටිය ප්‍රදේශයේ බුදු පිළිමයකට හානි සිදුකිරීම සම්බන්ධයෙන් ඔහු සැකපිට අත්අඩංගුවට ගෙන තිබිණි.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ ඔහු වාරියපොළ බන්ධනාගාරයේ රඳවා සිටිය දී ඊයේ (05) රාත්‍රියේ හුස්ම ගැනීමේ අපහසුතාවය හේතුවෙන් රෝහල්ගත කළ පසු මියගොස් ඇති බවයි.

මළ සිරුර පීසීආර් පරීක්ෂණයකට ලක්කර එහි ප්‍රතිඵල ලැබෙන තුරු රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.

Related articles

spot_img
error: Content is protected !!