26.8 C
Galle

උතුරු මැද සංචාරක ප්‍රවර්ධනයට දුන් ලක්ෂ 160ක් සොයන්න CIDයට කියයි

Published:

උතුරු මැද පළාතේ සංචාරක ප්‍රවර්ධනය සඳහා ලබාදුන් රුපියල් ලක්ෂ 160ක් වංචා කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන ලෙස උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් ප්‍රධාන අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් දී තිබේ.

උතුරුමැද පලාතේ සංචාරක කර්මාන්තය වැඩිදියුණු කිරීම සඳහා වෙබ් අඩවියක්, සීඩී පටියක් සහ ජාත්‍යන්තර මට්ටමේ ග්‍රන්ථයක් සැකසීමට බව කියමින් 2016 වර්ෂයේ දී මෙම මුදල් ලබා දී ඇත.

කොන්ත්‍රාත්කරුවකු සමඟ ගිවිසුම් ගත වී මෙම මුදල් ලබා දී ඇතත් එම කාර්යය මෙතෙක් ඉටු නොවීම සහ මුදල්වලට සිදුවූ දෙයක් නොමැති වීම හේතුවෙන් ඒ පිළිිබඳ සොයා බැලීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්ත‍මේන්තුවට දැනුම් දෙන ලෙස ආණ්ඩුකාරවරයා උපදෙස් දී තිබේ.

Related articles

spot_img
error: Content is protected !!