29.4 C
Galle

rata.lk පුවත ඵලදරයි. කරාපිටිය රෝහලේ රෝගීන්ට නොමිළයේම ඇන්ටිජන් පරීක්ෂණ

Published:

ගාල්ලේ කරාපිටිය ශික්ෂණ ‍රෝහලේ සැත්කම් සඳහා පැමිණෙන රෝගීන්ට පිටතින් පීසීආර් හෝ ඇන්ටිජන් පරීක්ෂණ කරගෙන ඒමට සිදුව ඇති බවත් ඒ හේතුවෙන් රෝගීන් දැඩි අසීරුතාවකට පත්වන බවත් rata.lk අපි කරන ලද හෙළිදරව් කිරීම මේ වනවිට ඵල දරා තිබේ.

කරාපිටිය ශික්ෂණ රෝහලට පැමිණෙන සියුලම රෝගීන්ට එම රෝහලේ දී ම අද (07) සිට ඇන්ටිජන් පරීක්ෂණ නොමිළයේ සිදුකරන බව කරාපිටිය ශික්ෂණ රෝහලේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත ජීවරත්න පවසයි.

රෝහලට ඇතුළත්වන රෝගීන්ට මෙම පරීක්ෂණය සඳහා පෞද්ගලික අංශයට විශාල මුදලක් ගෙවීමට සිදුව තිබිණි. ඒ බව හෙළිදරව් කරමින් අප වෛද්‍ය ජීවරත්නගෙන් ද විමසා සිටි අවස්ථාවේ දී ඔහු කියා සිටියේ සැත්කම් සඳහා රෝගීන් කඩිනමින් යොමුකිරීමට එවැනි තීරණයක් ගෙන ඇති බවයි.

කෙසේ වෙතත් අද (07) සිට සියළු රෝගීන් සඳහා රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණය රෝහලේ 25 වැනි වාට්ටුවේ දී සිදුකිරීමට කටයුතු යොදා තිබේ.

Related articles

spot_img
error: Content is protected !!