26.8 C
Galle

කරාපිටිය රෝහලේ කාණුවක් හෑරූ සේවකයෙක් පස්වලට යටවී මියයයි

Published:

කරාපිටිය ශික්ෂණ රෝහලේ ඉදිකිරීම් කටයුත්තක් සඳහා කාණුවක් හාරමින් සිටි කම්කරුවකු එහි පැති බිත්ති කඩා වැටීමෙන් පස්ගොඩට යටවී මීට සුළු වේලාවකට පෙර මියගියේය.

මෙලෙස මියගොස් ඇත්තේ ගාල්ලේ පදිංචි ඩී.වී.සමන් කුමාර නමැති 32 හැවිරිදි අයෙකි. කරාපිටිය ශික්ෂණ රෝහලේ ඉදිකරමින් පවතින වකුගඩු රෝහලේ අපද්‍රව්‍ය බැහැරකිරීම සඳහා නළ එළීමට කාණුවක් කපමින් සිටිය දී මෙම අනතුරට ලක්ව ඇත.

ඔහු පස්ගොඩට යටවීමත් සමඟම එම ස්ථානයේ ම තිබූ බැකෝ යන්ත්‍රයක් භාවිතා කරමින් විනාඩි 10ක් පමණ කාලයක දී ඉන් මුදවාගෙන හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කළ ද ඔහු මියගියේය.

දින කිහිපක සිට රෝහලේ මෘත ශරීරාගාරය ආසන්නයේ කාණු හාරමින් සිටින අතර එම කාණු හාරන අවස්ථාවේ දී දෙපස පස් කණ්ඩි කඩා වැටෙන ස්වභාවයක් ඇති බව ද සිද්ධිය ඇසින් දුටු රෝහල් සේවකයෝ කියති. මෙම තැනැත්තා අඩි 06 පමණ කාණුවක් හාරමින් සිටිය දී එම අනතුර සිදුව ඇත.

Related articles

spot_img
error: Content is protected !!