28.7 C
Galle

ඩෙන්මාර්ක හා ඉරාක කොරෝනා ප්‍රබේද ශ්‍රී ලංකාවෙන් හමුවෙයි

Published:

ඩෙන්මාර්කයේ සහ ඉරාකයේ ව්‍යාප්ත වෙමින් තිබෙන බී.1.428 කොරෝනා ප්‍රභේදය කොළඹින් වාර්තාවන බව ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය දැනුම් දෙයි.

බුද්ධි අංශ විසින් ලබා දී ඇති කොරෝනා ආසාදනය වූ අයගේ ජෛව සාම්පල පරීක්ෂා කිරීමේ දී මේ රෝගීන් හඳුනාගත් බව එම විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ ශෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර පවසයි.

පසුගිය මාර්තු මාසයේදී මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයන්ගේ කොරෝනා වයිරසවල ජානමය අනුක්‍රමණ පරීක්ෂණ වාර්තාව ලබා දෙමින් ඔහු මේ බව කියා සිටියේය.

Related articles

spot_img
error: Content is protected !!