29.4 C
Galle

කොරෝනා තුන්වැනි රැල්ලක අවදානමක්

Published:

තුන්වැනි කොරෝනා රැල්ලක අවදානමක් ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එම සංගමය පවසන්නේ කොරෝනා වසංගත තත්ත්වය සමාජයෙන් බැහැරව ගොස් නොමැති තත්ත්වයක දී ජනතාව දුරස්ථභාවය පිළිබඳ කිසිදු සැළකිල්ලක් නොදක්වා මේ වනවිට අවුරුදු සැමරුමට සූදානම් වෙමින් සිටින බැවින් මෙලෙස යළි කොරෝනා තුන්වැනි රැල්ලක් ඇතිවීමේ දැඩි අවධානමක් තිබෙන බවයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා පවසන්නේ ජනතාව මීට වඩා අවදානමමන් කටයතුු කළ යුතු අතර විශේෂයෙන් කොළඹින් බැහැරව විනෝද චාරිකා යාම අවම කිරීම වඩාත් සුදුසු බයි. කොරෝනා තුන්වැනි රැල්ලක් ඇති වුවහොත් යළි සංචරණ සීමා පැනවීමට සිදුවනු ඇතැයි ද වෛද්‍ය සොයිසා වැඩිදුරටත් කියා සිටියේය.

Related articles

spot_img
error: Content is protected !!