28.7 C
Galle

බද්දේගමින් කොරෝනා මරණයක්

Published:

බද්දේගම ගනේගම උතුර පදිංචි 65 හැවිරිදි පුද්ගලයකු කොරෝනා ආසාදනය වී මතුගම පිඹුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගිය බව සෞඛ්‍ය අංශ පවසයි. ඔහුගේ සිරුර අද (11) අගලවත්ත ආදාහනාගාරයේ දී නිරෝධායන නීති අනුව ආදාහනය කරනු ලැබීය.

මෙලෙස මියගිය පුද්ගලයාගේ කොරෝනා ආසාදිත බව හඳුනාගෙන ඇත්තේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ බද්දේගම පිවිසුමේ සේවය කළ ඔහුගේ පුතකු කොරෝනා ආසාදනය වූ බව හඳුනාගැනීමෙන් පසු කරන ලද පීසීආර් පරීක්ෂණයකිනි.

එම පවුලේ සියලු දෙනාම මේ වනවිට කොරෝනා අසාදනය වී ප්‍රතිකාර ලමින් සිටිති

Related articles

spot_img
error: Content is protected !!