29.9 C
Galle

අසේල සම්පත් පැරණි වරෙන්තුවකට අත්අඩංගුවට ගනී

Published:

සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිදායක අසේල සම්පත් කොම්පඤ්ඤවීදිය පොලිස් කන්ඩායමක් විසින් අද (13) අත්අඩංගුවට ගෙන තිබේ.

අසේල සම්පත් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පන්නිපිටිය පැලන්වත්ත ප්‍රදේශයේ ඔහුගේ නිවසේ සිටිය දී ය. පාරිභෝගික සේවා අධිකාරියේ රාජකාරියට බාධා කරන ලදැයි චෝදනා එල්ල කරමින් ඔහුට එරෙහිව පනවා තිබූ නඩුවකට නොපැමිණීම හේතුවෙන් විවෘත වරෙන්තුවක් නිකුත් කර තිබූ බවත් ඒ හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගත් බවත් පොලිසිය පවසයි.

කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ දී මෙම නඩුව විභාග කිරීමට නියමිතව තිබුණ ද අදාල නඩු දිනය තිබී ඇත්තේ පාස්කු ප්‍රහාරයට පසු දින දී ය. මේ හේතුවෙන් කල් ගිය නඩුව සඳහා පෙනී නොසිටීම හේතුවෙන් අසේල සම්පත් වෙත විවෘත වරෙන්තුවක් නිකුත් කර තිබිණි. කොම්පඤ්ඤවීදිය පොලිසිය විසින් අද ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ එම වරෙන්තුවට අනුවය.

Related articles

spot_img
error: Content is protected !!