27.2 C
Galle

‍වෛද්‍ය සභාවේ නිලවරණයට අධිකරණයෙන් වාරණයක්

Published:

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නිලවරණය ලබන 19 වැනි දා දක්වා පැවැත්වීම වළක්වාලමින් කොළඹ අතිරේක දිසා විනිසුරු ආර්.ඒ.එම්.රාජපක්ෂ වාරණ නියෝගයක් නිකුත් කළේය.

මෙම නිලවරණය පැවැත්වීම පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යවවරයා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කළ යුතු වුව ද එසේ නොකර නිලවරණය පැවැත්වීමට උත්සාහයක් ඇති බවට වෛද්‍යවරු දෙදෙනකු විසින් ඉදිරිපත් කරන ලද පෙත්සමක් සැළකිල්ලට ගනිමින් මෙම වාරණ නියෝගය නිකුත් කර තිබේ.

පෙත්සම්කරුවන් දෙදෙනා විසින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සහ එහි සභිකයන් වගඋත්තරකරුවන් කර ඇත.

Related articles

spot_img
error: Content is protected !!