29.4 C
Galle

ශ්‍රී ලංකාව ඉන්දියාවේ තත්ත්වයට පත්විය හැකි බව වසංගත ප්‍රධානියා කියයි

Published:

ශ්‍රී ලංකාවේ කොරෝනා වසංගතය ද ඉන්දියාව, බ්‍රිතාන්‍යය, ඇමෙරිකාව හා ඩෙන්මාර්කය වැනි ඉතා දරුණු ඛේදජනක තත්ත්වයකට පත්වීමට හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ප්‍රධානී විශේෂඥ වද්‍යෛ සුදත් සමරවීර පවසයි.

ජනතාව කොරෝනා වසංගතයේ අවදානම් තත්ත්වය තේරුම් නොගෙන කටයුතු කරමින් සංචරණය සීමා කිරීම, උත්සව, ප්‍රිය සම්භාෂණ හා රැස්වීම් නතර නොකළහොත් මෙය පාලනය කරගත නොහැකි බවත් එවිට ඉහත රටවල තත්ත්වයට ශ්‍රී ලංකාව ද පත්වීම වැළැක්විය නොහැකි බවත් හෙතෙම පවසයි.

එබැවින් හැකිතාක් නිවසට වී සිටින ලෙසත් අත්‍යාවශ්‍යම කටයුත්තකට හැර නිවසින් පිටතට නොයන ලෙසත් වසංග රෝග ප්‍රධානියා ඉල්ලා සිටියි. සංචාරකයන් ගමන් කරන ප්‍රදේශවලට යාමෙන් වැළකී සිටින ලෙස ද ඔහු දැනුම් දෙයි.

Related articles

spot_img
error: Content is protected !!