29.9 C
Galle

විදෙස් සේවා ප්‍රධාන කාර්යාලය කොරෝනා නිසා වසා දමයි

Published:

බත්තරමුල්ල, කොස්වත්තේ පිහිටි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රධාන කාර්යාලයේ සේවකයකුට කොරෝනා ආසාදනය වී ඇති බැවින් එම කාර්යාලය හෙට (27) හා අනිද්දා (28) දෙදින වසා දමන බව දැනුම් දී ඇත.

එසේ වසා තැබුව ද පළමු හා අවසන් අනුමැති අංශය සහ කො‍රියානු රැකියා අංශය නිලධාරීන් සීමිත පිරිසක් යොදවා පවත්වාගෙන යන බවත් ප්‍රධාන කාර්යාලය හැර ගුවන් තොටුපොළ ශාඛාව ඇතුළු අනෙකුත් ප්‍රාදේශීය කාර්යාල විවෘතව පවතින බවත් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනය කර තිබේ.

ප්‍රධාන කාර්යාලය විෂබීජහරණය කිරීමෙන් පසු නැවත අප්‍රේල් 29 වැනි දින සුපුරුදු පරිදි සියළුම සේවාවන් සඳහා විවෘත කරන බව ද එම නිවේදනයේ දැක්වේ.

Related articles

spot_img
error: Content is protected !!