29.9 C
Galle

පන්නල කොට්ඨාසයේ සියලු පාසල් වසා දමයි

Published:

පන්නල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ කොරෝනා ආසාදිතයන් බහුලව වාර්තාවීම හා පන්නල ජාතික පාසලේ සිසු සිසුවියන් 04 දෙනකු ද ආසාදිතයන් අතර සිටීම හේතුවෙන් පන්නල අධ්‍යාපන කොට්ඨාසයේ සියලු පාසල් මැයි 02 දිනය දක්වා තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබේ.

සෞඛ්‍ය අංශවලින් ලැබුණු නිර්දේශ සැළකිල්ලට ගනිමින් වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ විසින් මෙම උපදෙස් ලබා දී ඇත. ඒ අනුව ගිරිඋල්ල වික්‍රමශීලාල විද්‍යාලය, පන්නල විද්‍යාලය සහ සඳලංකා යන ජාතික පසාල් ඇතුළු කොට්ඨාසයේ පාසල් 55ක් මෙලෙස තාවකාලිකව වසා තැබෙනු ඇත.

Related articles

spot_img
error: Content is protected !!