29.9 C
Galle

ගාල්ලේ පාසල් තුනක ගුරුවරු තිදෙනෙක් ආසාදිතයි. පන්ති ගණනක් වැසේ

Published:

ගාල්ලේ පාසල් තු‍නකින් කොරෝනා ආසාදිත ගුරුවරු අද වාර්තා වූ බව සෞඛ්‍ය අංශ පවසයි.

ගාල්ල ශාන්ත ඇලුවීෂියස් විද්‍යාලයේ ගුරුවරියක, විද්‍යාලෝක විද්‍යාලයේ ගුරුවරයෙකු හා බෙන්තොට ගාමිණී මහා විද්‍යාලයේ ගුරුවරියක මෙලෙස කොරෝනා ආසාදිත බව තහවුරු කරගෙන තිබේ.

මෙම ගුරුවරු විසින් ඉගැන්වීම් කටයුතු සිදුකළ පන්තිකාමර මේ වනවිට හඳුනාගෙන ඇති අතර එම පන්ති වසා දැමීමට කටයුතුකරන බවත් පන්තිවල ඉගෙනුම ලැබූ දරුවන් නිරෝධායනයට යොමුකරන බවත් සෞඛ්‍ය අංශ පවසයි.

එමෙන්ම ආසාදිත වූ ගුරුවරුන් පාසලේ දී ආශ්‍රිත වූ අනෙකුත් ගුරුවර ගුරුවරියන් ද නිරෝධායනයට යොමුකිරීමට කටයුතු කර තිබේ

Related articles

spot_img
error: Content is protected !!