27.7 C
Galle

මුල්ලේරියාව රෝහලේ ඔක්සිජන් හිඟයක්. ICU පිරිලා. දැඩි අවදානම් තත්ත්වයක්

Published:

මුල්ලේරියාව මූලික රෝහලේ රෝගී සත්කාරක සේවාවන් සඳහා දෛනිකව ඔක්සිජන් අඩංගු සිලින්ඩර 150ක් අවශ්‍යව ඇතත් දැනට රෝහල සතුව ඇත්තේ සිලින්ඩර 80ක් පමණක් බව රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.

මේ අතර රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ සඳහන් කරන්නේ රට පුරා සියලුම රෝහල්වල දැඩි සත්කාර ඒකක රෝගීන්ගෙන් පිරී යන බවයි. මෙවර කොරෝනා තුන්වැනි රැල්ලේ දී ආසාදනය වන පුද්ගලයන් අතරින් වැඩිහිටියන්ට වඩා තරුණ රෝගීන්ට ශ්වසන අපහසුතා ඇතිවීමේ ප්‍රවණතාවක් නිරීක්ෂණය කළ හැකි වූ බව ද ප්‍රනාන්දුපුල්ලේ ඇමතිවරිය සඳහන් කළාය.

මුල්ලේරියාව මූලිික රෝහලේ ඇති ඇඳන් 110ම කොරෝනා ආසාදිතයන්ගෙන් පිරී ගොස් ඇති අතර දැඩි සත්කාර ඒකකයේ ඇඳන් 08 ද දැනටමත් අසාධ්‍ය තත්ත්වයේ පසුවන කොරෝනා ආසාදිතයන් 08 දෙනකු සඳහා ලබාදී තිබේ.

Related articles

spot_img
error: Content is protected !!