අද (28) දින කොළඹ කොටස් වෙළඳපල ගනුදෙනු අවසානයේ සමස්ථ කොටස් මිල රුපියල් බිලියන 424ක් වාර්තා කළ ඩයලොග් ආසියාටා සමාගම පළමු ස්ථානයට ද රුපියල් බිලියන 335.7ක් වාර්තා කළ කොමර්ෂල් බැංකුව දෙවන ස්ථානයට ද පත්විය. දීර්ඝ කාලයක් තිස්සේ වටිනාම සමාගම් අතර දෙවන ස්ථානය රැකගෙන සිටි ජෝන් කීල්ස් සමාගම අද දිනය අවසානයේ හතරවන ස්ථානය දක්වා පහත බැස තිබේ.
අද කොළඹ කොටස් වෙළඳපල ගනුදෙනු 13,493ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 595ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 93ක් පහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 20,943ක් ලෙසිනි.
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- ජෝන් කීල්ස් මිලියන 74
- සී ඩී බී බැංකුව මිලියන 42
- හේකාබ් සමාගම මිලියන 36
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- එස් එම් බී ලීසින් සමාගම කොටස් මිලියන 6.2
- ජෝන් කීල්ස් සමාගම කොටස් මිලියන 6.9
- ඉන්ඩස්ට්‍රියල් ඇස්හෝල්ට් කොටස් මිලියන 3.8
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- කැලී ෆන්ඩ් සමාගම 10%
- එක්ස් පැක් සමාගම 5.8%
- රෝයල් ෆාම් බීච් හෝටලය 4.2%
අද දිනය අවසානයේ වටිනාම සමාගම
- ඩයලොග් ආසියාටා සමස්ත වත්කම් රුපියල් බිලියන 424
- කොමර්ෂල් බැංකුව සමස්ත වත්කම් රුපියල් බිලියන 335.7
- ලංකා දුම්කොල සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 335.4
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 10 කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 02ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 08ක මුදලක් කොටස් වෙළෙඳ පොළ තුළි ආයෝජනය කර ඇත.
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිලදී ගත් සමාගම්
- අම්බන් කැපිටල් රුපියල් මිලියන 04
- ඩී එෆ් සී සී බැංකුව රුපියල් මිලියන 01
විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්
- ඒ සී එල් කේබල්ස් රුපියල් ලක්ෂ 09
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ



