29.9 C
Galle

“නිල් මහ සටන” කල් දමයි

Published:

රාජකීය විද්‍යාලය හා ශාන්ත තෝමස් විද්‍යාලය අතර පැවැත්වෙන වාර්ෂික මහා ක්‍රිකට් තරඟය කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් කල් දැමීමට එහි සංවිධායක කමිටුව තීරණය කර ඇත.

“නිල් මහ සටන”‍ ලෙස හැඳින්වෙන මෙම තරඟය මෙවර පැවැත්වීමට නියමිතව තිබුණේ 142 වැනි වරටය.

කොරෝනා වසංගතය හේතුවෙන් දෙවිදුහල්හි සිසුන්, ආදි සිසුන් හා සුබ පතන්නන් සහභාගීවීම සීමා කරමින් මෙවර එම තරඟය සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී පැවැත්වීම ටනියමිතව තිබිණි.

සංවිධායකවර පවසන්නේ ශාන්ත තෝමස් ක්‍රීඩකයන් 04 දෙනකුට ද කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවයි. කොරෝනා ව්‍යාපත්වීමේ තත්ත්වය ද සැළකිල්ලට ගනිමින් මෙම තරඟය පැවැත්වෙන දිනය පිළිබඳ ඉදිරියේ දී තීරණය කරන බව ද සංවිධායකයෝ කියති.  

Related articles

spot_img
error: Content is protected !!