29.9 C
Galle

කොරෝනා තුන්වැනි රැල්ලේ ගාල්ලේ 04 වැනි මරණයත් සිදුවෙයි

Published:

කොරෝනා තුන්වැනි රැල්ල ආරම්භවීමෙන් පසු ගාල්ල දිස්ත්‍රික්කයේ සිදු වූ 04 වැනි ‍කොරෝනා මරණය ඊයේ (26) ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ හිරිඹුර පාසල් මාවතේ නිවසකන් වාර්තා වී තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ 78 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.

රත්ගම ඉඹුලේගොඩ පදිංචිකරුවකු කොරෝනා ආසාදනය වී හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී පසුගිය 22 වැනි දා මියගිය අතර ‍ඔහු කොරෝනා තුන්වැනි රැල්ලේ ගාල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ පළමු මරණයයි.

ඉමදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ, හව්පේ පදිංචි 75 හැවිරිදි කාන්තාවක් පසුගිය 24 වැනි දින නිවසේ දී ම මියගොස් ඇති අතර එය තුන්වැනි රැල්ලේ ගාල්ලේ සිදුවූ දෙවැනි කොරෝනා මරණයයි. තුන්වැනි රැල්ලේ තුන්වැනි මරණය සිදුව ඇත්තේ කරාපිටිය ශික්ෂණ රෝහලේ 36 වාට්ටුවේ දී ය. ඔහු හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පදිංචි 66 හැවිරිදි පුද්ගලයෙකි.

මේ අනුව කොරෝනා තුන්වැනි රැල්ලේ ගාල්ල දිස්ත්‍රික්කයෙන් කොරෝනා මරණ 04ක් සිදුව ඇත.

Related articles

spot_img
error: Content is protected !!