27.2 C
Galle

සියලු පොලිස් ස්ථාවලට විශේෂ උපදෙස් මාලාවක්

Published:

හුදකලා කර ඇති ප්‍රදේශවල පදිංචි පොලිස් නිලධාරී නිලධාරිනියන්ට රාජකාරී සඳහා නොපැමිණෙන ලෙසත්, හුදකලා කාලය තම නිවෙස්වලට ම වී ගත කරන ලෙසත් උපදෙස් දෙන ලෙස පොලිස් මූලස්ථානය විසින් සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත දැනුම් දී තිබේ.

එමෙන් ම පොලිස් ස්ථානවල ඇති තොරතුරු පොත් භාවිත කිරීම සීමාකරන ලෙස ද දැනුම් දී තිබේ. ඒ අනුව අත්‍යාවශ්‍යම රාජකාරී කටයුත්තක දී හැර අනෙක් සෑම අවස්ථාවක දී ම පොලිස් ස්ථානය් ඇති තොරතුරු පොත් භාවිතා කිරීම කළයුතු වන්නේ සීමිත නිලධාරී පරිසක් විසින් පමණි. එහිදී උපසේවක නිලධාරියා විසින් පමණක් අදාළ නිලධාරීන්ගෙන් කරුණු විමසා තොරතුරු පොතෙහි සටහන් යෙදිය යුතු ය.

කොරෝනා ව්‍යාප්තවීම පාලනය කිරීමේ බලාපොරොත්තුවෙන් මෙම තීරණ ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ පවසයි.

Related articles

spot_img
error: Content is protected !!