ආණමඩ‍ුවේ ගම් කිහිපයකට සංචරණ සීමා

0
108

ආණමඩුව, ආඬිගම, පූනවිටිය ඇතුළු ගම්මාන කිහියකට ඇතුළුවීම හා පිටවීම අද (07) සීමා කළ බව පල්ලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

මෙලෙස එම ගම්මානවලට සංචරණ සීමා පනවා ඇත්තේ කටුනායක ගුවන්තොටුපොළේ සේවය කරන තරුණයකු (23) කොරෝනා ආසාදිතයකු බව තහවරුවීම හේතුවෙනි. ඔහු ආඬිගම, පූනවිට ගම්මානයේ පදිංචිකරුවෙකි.

ඔහු නිවාඩු ලබා නිවසට ගොස් සිටිය දී රෝගාතුරවීම හේතුවෙන් රෝහලට ඇතුළත්කිරීමෙන් සු කරන ලද පීසීආර් පරීක්ෂණයකින් මෙම තරුණයා කොරෝනා ආසාදිතයකු බව තහවුරු කරගෙන ඇත.

ඔහුගේ නිවසේ සිව් දෙනකු ඇතුළු ඔහු ඇසුරු කළ 40ක පමණ පිරිසක් නිවෙස්වලම නිරෝධායනයට ලක්කළ බව පල්ලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here