27.2 C
Galle

ඉස්ලාම් ආගමික කටයුතු නවතයි

Published:

ශ්‍රී ලංකාව පුරාම කොරෝනා වසංගතය යළි පැතිරයාමේ අවදානමක් හටගෙන ඇති බැවින් සිකුරාදා සහ රාමසාන් දිනවල ඉස්ලාම් දේවස්ථාන ඇතුළු ආගමික මධ්‍යස්ථානවල විශාල වශයෙන් රැස්වී පැවැත්වෙන ආගමික වතාවත් තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව මුස්ලිම් ආගමික සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

දිනකට පස් වතාවක් යාඥා කිරීම සඳහා පල්ලිය විසින් ලබාදෙන වේලාලවන්වල දී එක්වර රැස්විය හැකි සංඛ්‍යාව උපරිරමව 25 දෙනකුට සීමාකරන ලෙස ද එම නිවේදනයේ දැක්වේ. එමෙන්ම හුදකලා කර ඇති ප්‍රදේශවල ඇති සියලුම මුස්ලිම් පල්ලි නැවත දැනුම්දෙන තුරු වසා දැමීට ද තීරණය කර තිබේ.

Related articles

spot_img
error: Content is protected !!