27.2 C
Galle

රාජකාරියට බාධා කළැයි MOH සභාපතිට එරෙහිව පොලිසියට පැමිණිලි කරයි

Published:

කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තම රාජකාරියට බාධා කරමින් බැන වැදුණේ යැයි කැබිතිගොල්ලෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී චරිත් ද සිල්වා අනුරාධපුර පොලිසියට පැමිණිලි කරතිබේ.

වෛද්‍යවරයා එම පැමිණිල්ලේ සටහන් කර ඇත්තේ කොරෝනා වයිරස ආසාදිතයන් හඳුනාගැනීම සඳහා කැබිතිගොල්ලෑව නගරයේ පීසීආර් පරීක්ෂණ සිදුකරමින් සිටිය දී දුරකථනයෙන් කතා කළ සභාපතිවරයා තමන්ට නොදන්වා පීසීආර් කරන්නේ කෙසේදැයි විමසමින් තර්ජනය කළ බවයි.

මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය සභාවේ සභාපිත මංජුල ටිකි‍රි බණ්ඩාරගෙන් විමසූ විට ඔහු කියා සිටියේ තමන් එම චෝදනාව ප්‍රතික්ෂේප කරන බවයි. ප්‍රාදේශීය සභාවේ සේවකයන්ට ද පීසීආර් කරන ලෙස තමන් යෝජනා කළ බව ද සභාපතිවරයා කීවේය.

Related articles

spot_img
error: Content is protected !!