29.4 C
Galle

ගාල්ලේ ආසාදියන් යවන්න රෝහල් නෑ. රෝගීන් නිවෙස්වල ම

Published:

ගාල්ලේ හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ සිටින කොරෝනා ආසාදිත බව තහවුරු කරගත් රෝගීන් 34 දෙනකු සඳහා රෝහල් නොමැතිවීම හේතුවෙන් මෙතෙක් නිවෙස්වලම තබා තිබෙන බව හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

අද (30) දිනයේ එම කොට්ඨාසයෙන් වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව 35 දෙනෙකි.

මේ බව සඳහන් කරමින් හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිල ‍facebook පිටුවේ සටහනක් යොදා තිබිණි.

ගාල්ල දිස්ත්‍රික්කයේ දැනට නිල නොවන ආරංචිමාර්ග අනුව දැනගන්නට ඇත්තේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස බොහොමයක මෙවැනි තත්ත්වයක් උද්ගත වී තිබෙන බවයි.

Related articles

spot_img
error: Content is protected !!