28.9 C
Galle

රුසියාවෙන් එන්නත් තොගයක් එයි. ප්‍රමුඛත්වය අත්‍යාවශ්‍ය සේවාවන්ට

Published:

කොරෝනා මර්ධනය කිරීම සඳහා රුසියාවේ නිෂ්පාදනය කරන ලද ‘s-putnic V’ කොවිඩ් මර්දන එන්නත් පළමු තොගය මෙරටට ගෙනවිත් ඇත. එන්නත් 15,000ක් එම තොගයට ඇතුළත්වන අතර එම තොගය භාරගැනීම සඳහා රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන කටුනායක ගුවන්තොටුපොළට ගොස් තිබිණි.

එම එන්නත් ලක්ෂ 70ක් අමෙරිකානු ඩොලර් මිලියන 69.65ක මුදලකට මිලදී ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

‘s-putnic V’ එන්නත අත්‍යාවශ්‍ය සේවාවලට ප්‍රමුඛත්වය ලබාදෙමින් එන්නත්කරණය සිදුකරන්නේ යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කැබිනට් මණ්ඩලයේ දී ප්‍රකාශ කර තිබේ.

ජනාධිපතිවරයා මේ බව කියා ඇත්තේ විදුලිබල සේවකයන්ට එන්නත කඩිනමින් ලබාදීමේ අවශ්‍යතාව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම විසින් පෙන්වාදුන් අවස්ථාවේ දී ය.

Related articles

spot_img
error: Content is protected !!