28.9 C
Galle

අවශ්‍ය වුවහොත් ඉදිරියේ දී රට වසා දැමිය හැකියි

Published:

කොරෝනා අවදානම වැඩි වුවහොත් රට වසා දැමීමට ඉදිරියේ දී සිදුවිය හැකි බව වසංත හා කොවිඩ් රෝග පාලන රාජ්‍ය ඇමති විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ පවසයි.

අද (07) පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී ඇය මේ බව කියා සිටියාය.  දැනට රෝගීන් වාර්තාවන ප්‍රදේශ අනුව ග්‍රාම නිලධාරී කොට්ඨාස මට්ටමින් ප්‍රදේශ හුදකලා කිරීමේ බලය ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්ට ලබාදී ඇතැයි ද රාජ්‍ය අමාත්‍යවරිය පවසයි.

දැනට රට වැසීමේ තීරණයක් නැති බවත් කොරෝනා පැතිරීම අනුව දෛනිකව දත්ත සමාලෝචනය කරමින් තීන්දු තීරණ ගන්නා බවත් ඇය පවසයි.

Related articles

spot_img
error: Content is protected !!