28.3 C
Galle

වැඩට නාවත් ගෙදර ඉදන් වැඩ. ගර්භනී නම් නිවසේමයි. නව චක්‍රලේඛය නිකුත් වේ

Published:

රාජ්‍ය සේවය බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා නව චක්‍රලේඛයක් අද (10) සිට ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය මගින් නිකුත් කර තිබේ.

එම චක්‍ර ලේඛයට අනුව සියලුම කාර්යාලයන්හි සේවා මුර ක්‍රමයක් හෝ වෙනත් විධිමත් ක්‍රමයක් භාවිතා කළ යුතු බව දක්වා තිබේ. මේ අතර කිසිදු ගර්භනී නිලධාරිනියක් සේවයට නොකැඳවන ලෙස ද උපදෙස් ලබා දී ඇත. තමන් කාර්යාලයට පැමිණිය යුතු යැයි නිශ්චිත දිනයක දී නොපැමිණියහොත් පමණක් එම දිනය නිවාඩු දිනයක් ලෙස සළකන ලෙසත් කාර්යාල සඳහා නොපැමිණෙන් දිනයන්හි දී පවා සියලු රාජ්‍ය සේවකයන් නිවසේ සිට මාර්ගගත ක්‍රමයට රාජකාරීවල නිරතවිය යුතු බවත් එම චක්‍රලේඛයේ සඳහන් වේ.

එම නිවේදනය පහතින් දක්වා ඇත.

Related articles

spot_img
error: Content is protected !!