27.7 C
Galle

පළාත් අතර ගමන් අද රෑ සිට බෑ

Published:

ශ්‍රී ලංකාවේ පළාත් අතර සංචරණය කිරීම අද (11) මධ්‍යම රාත්‍රියේ සිට 30 වැනි දා මධ්‍යම රාත්‍රිය දක්වා තහනම් කෙරෙන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

මෙම සීමාවන් අත්‍යාවශ්‍ය සේවා සඳහා අදාල‍ නොවන බව ද හෙතෙම සඳහන් කළේය.

කෙසේ වෙතත් රටේ පවතින කොරෝනා පැතිරීමේ තත්ත්වය තේරුම් ගෙන දිස්ත්‍රික්ක අතර ද සංචරණ සීමා පැනවීමට හැකියාවක් පවතින බව ද යුද හමුදාපතිවරයා පවසයි.

කොවිඩ්-19 වසංගතය පිටුදැකීම සඳහා සියලු පාර්ශ්වයන් සමග ජනාධිපතිවරයා පැවැත්වූ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස මැයි මස 30 වැනිදා දක්වා පළාත් අතර සංචරණ සීමා ක්‍රියාත්මක වේ.

Related articles

spot_img
error: Content is protected !!