28.3 C
Galle

සාදයක් නිසා ගැබිනි මවටත් නූපන් දරුවාටත් දිවි අහිමි වෙයි

Published:

අප්‍රේල් 29 වැනි දා මහරගම පැවති සාදයකට තිස්සමහාරාමයේ සිට පැමිණි ගැබිනි කාන්තාවකට සිය ජීවිතයත් නූපන් දරුවාගේ ජීවිතයත් අහිමි වී තිබේ.

මෙලෙස මියගිය ගැබිනි කාන්තාව තිස්සමහාරාමයේ යායගොඩ පදිංචි 35 හැවිරිදි අයෙකි. ඊයේ (15) ඇය මියයන විට අගේ කුසෙහි මාස 08ක් දරුගැබක් තිබූ  බව ව්‍යෛවරු පවසයි.

මහරගම පැවැති දැරියකගේ සාදයකට පසුගිය අප්‍රේල් 29 වැනි දා මෙම ගැබිනි කාන්තාව සිය පවුලේ 12 දෙනකු ද සමඟ සහභාගී වී තිබේ. ඉන් අනතුරුව ඊට සහභාගී වූ මහරගම පදිංචි 17 දෙනකු කොරෝනා ආසාදිතයන් බව හඳුනාගෙන තිබේ. මැයි 05 වැනි දා වන විට මෙම කාන්තාව ද රෝග ලක්ෂණ පෙන්වීම හේතුවෙන් දෙබරවැව රෝහලට ඇතුළත් වී කරන ලද ඇන්ටිජන් පරීක්ෂාවේ දී ඇය සහ සැමියා ආසාදිත බව හඳුනාගෙන තිබේ.

ඉන් පසු ගැබිනි කාන්තාව මාළඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලටත් සැමියා අම්බලන්ගොඩ රෝහලටත් ඇතුළත් කර ඇත. කොරෝනා නිව්මෝනියා තත්ත්වය උත්සන්න වූ ඇය මියගියාය.

Related articles

spot_img
error: Content is protected !!