29.4 C
Galle

ගිනිගන්නා නැවේ සුන්බුන් මීගමු වෙරළේ

Published:

ගිනි ගනිමින් පවතින MV X-press pearl නෞකාවේ පිපිරීම්වලින් මුහුදට වැටුණු අපද්‍රව්‍ය තොගයක් අද (26) මීගමුව සෙත්තපාඩුව වෙරළට පැමිණ තිබේ.

අර්ධ වශයෙන් පිලිස්සී තිබූ ඒවා නැවේ සුන්බුන් බවට විශ්වාස කළ හැකි බව ප්‍රදේශයේ ධීවරයෝ පවසති. වෙරළ පුරාම විසිරී ඇති මෙම අපද්‍රවයවල අහිතකර රසායනික ද්‍රව්‍ය අඩංගු බැවින් ඒවා ඇල්ලීමෙන් වළකින ලෙස සමුද්‍ර පරිසර දූෂණ අධිකාරිය දැනුම් දී තිබේ. ධීවරයන් පවසන්නේ මෙම වෙරළ ආසන්න මුහුදේ කන්ටේනරයක් ද පාවෙමින් තිබෙන බවයි.

Related articles

spot_img
error: Content is protected !!