අද (29) දින කොළඹ කොටස් වෙළඳපල ගනුදෙනු අවසානයේ ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 91ක වැඩිම පිරිවැටුමක් වාර්තා කරන ලදී. ඒ අනුව වටිනාම සමාගම් අතර හතරවන ස්ථානයට පත්ව තිබූ ජෝන් කීල්ස් සමාගමේ කොටස් වටිනාකම තුන්වන ස්ථානය දක්වා ඉහල යෑමක් සිදුව තිබේ.
අද කොළඹ කොටස් වෙළඳපල ගනුදෙනු 16,266ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1010ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 125ක් පහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 20,816ක් ලෙසිනි.
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- ජෝන් කීල්ස් සමාගම මිලියන 91
- යෝක් ආර්කේඩ් සමාගම මිලියන 54
- සොෆ්ට්ලොජික් කැපිටල් සමාගම මිලියන 50
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- ඉන්ඩස්ට්‍රියල් ඇස්හෝල්ට් සමාගම කොටස් මිලියන 16.9
- එස් එම් බී ලීසින් සමාගම කොටස් මිලියන 7.4
- යෝර්ක් ආර්කේඩ් සමාගම කොටස් මිලියන 6.3
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- රේණුක හොටෙල් සමාගම 05%
- ෂෝ වොලස් සමාගම 04%
- ඉක්විටි ටූ සමාගම 03%
අද දිනය අවසානයේ වටිනාම සමාගම
- ඩයලොග් ආසියාටා සමස්ත වත්කම් රුපියල් බිලියන 421
- ලංකා දුම්කොල සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 335
- ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 335
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 25 කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 05ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 20ක මුදලක් කොටස් වෙළෙඳ පොළ තුළ ආයෝජනය කර ඇත.
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිලදී ගත් සමාගම්
- අම්බන් කැපිටල් රුපියල් මිලියන 07
- ජෝන් කීල්ස් රුපියල් මිලියන 05
- ඩී එෆ් සී සී බැංකුව රුපියල් මිලියන 04
විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්
- සිලෝන් ගාඩියන් රුපියල් මිලියන 02
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ



