30.5 C
Galle

බද්දේගම සමිත හිමියෝ අපවත්වෙති

Published:

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීධූරයකට පත්වූ පළමු බෞද්ධ භික්ෂූන් වහන්සේ වූ බද්දේගම සමිත හමියෝ අද (30) උදෑසන අපවත්වූහ.

අපවත්වන විට 69 වැනි වියේ පසුවූ සමිත හමීයෝ බද්දේගම ගනේගම ශ්‍රී දුටුගැමුණු රජමහා විහාරයේ වැඩිවිසූහ. දකුණු පළාත් සභාවේ ද මන්ත්‍රීධූරයට කිහිප අවස්ථාවක දී ම තේරීපත්වූ සමිත හිමියන් කොරෝනා ආසාදිතව කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබා ඉන් සුව වී යළි විහාරස්ථානයට වැඩමකර සිටිය දී යළු පෙනහළු රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කෙරිණි. උන්වහන්සේගේ අසාධ්‍ය තත්ත්වය හේතුවෙන් දැඩි සත්කාර ඒකකයක ප්‍රතිකාර අවශ්‍ය වූ බැවින් මාතර ආසිරි රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මෙසේ අපවත්වූහ.

Related articles

spot_img
error: Content is protected !!