27.1 C
Galle

කැලණි ගඟ පිටාර ගලයි. තවත් ගංඟා කිහිපයක් අවදානම්

Published:

දිගින් දිගටම පවතින වර්ෂාව හේතුවෙන් කැලණි, කළු, ගිං සහ අත්තනගලු ඔය යන ගංඟාවන්හි ජල මට්ටම ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

කැලණි ගඟ මේ වනවිට සුළු ගංවතුර මට්ටම දක්වා ළඟා වී ඇති අතර ඉදිරි පැය කිහි‍පයේ දී එය උතුරා යනු ඇතැයි ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව කියයි. මේ හේතුවෙන් රුවන්වැල්ල, සීතාවක, දොම්පේ, හෝමාගම, දෙහිඕවිට, බියගම, කඩුවෙළ, කොලොන්නාව, කොළඹ හා වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත් බිම් ප්‍රදේශයන්හි පදිංචිව සිටින පිරිස් අවදානයෙන් පසුවිය යුතු බවට ද අනතුරු අඟවා ඇත.

Related articles

spot_img
error: Content is protected !!